කෑගල්ල දිස්ත්‍රික් 'කලා විභාෂි' සාහිත්‍ය මහෝත්සවයට සමඟාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ කලා කුසලතා ඔප් නංවාලිම සඳහා "ස්වර සිත්තම් " නිලධාරි කලා උළෙලක් පසුගිය දා ( 27) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහම නියෝජනය වූ මෙම ප්‍රාසාංගික අත්දැකිම ගායන, නර්තන හා රංගනයන්ගෙන් සමන්විත විය. එමෙන්ම අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනීශා එස්. රත්නායක මහත්මියගේ ගේය පද රචනාවෙන් යුත් නව ගීත දෙකක් මුල්වරට හඳුන්වාදීමද මෙම අවස්ථාවට සමඟාමිව සිදු විය.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු සංස්කෘතික අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරින්, වරකාලොප ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා ,රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





























