කාන්තාවන් දේශපාලනයට පිවිසීම බලගැන්විමට අදාලව නායකත්ව දෙදින පුහුණු වැඩසටහනක් 31 සහ 01 යන දිනයන්හිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

මෙම වැඩසටහනේ දි නායකත්ව කුසලතා සහ ආකල්ප සංවර්ධනය, ඊට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම්, කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමේ වැදගත්කම සහ වත්මන් දේශපාලනය තුල පවතින ගැටලු පිළිබඳ දැනුම බෙදා දෙන ලදි.

දෙදින පුහුණු වැඩසටහන සඳහා සම්පත්දායකයින් ලෙස ජේෂ්ඨ තරුණ සේවා නිලධාරි උපුල් බන්දුසිංහ, ප්‍රජාතන්ත්‍රිය මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක විධායක මංජුල ගජනායක, සිතාවක පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ විරාජ් බාලසූරිය (සබරගමු පලාත) යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙම වැඩසටහන දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරි මනෝරි දෙහිමඩුව මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට පරිපාලන නිලධාරී යාමිණි රත්නායක මහත්මිය, කාන්තා බලමන්ඩල 11හි නිලධාරින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල සේවයේ නියුතු වනිතා සංවර්ධන නිලධාරින්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරින්, ප්‍රාදේශිය කාන්තා කමිටු සාමාජිකාවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.