2023 වසරේ ජාත්‍යන්තර ආබාධිත දිනය මුල් කරගනිමින් දෙසැම්බර් 07 වන දින පවත්වන කෑගල්ල දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම සැලසුම් කිරීම අරමුණ කරගනිමින් දිස්ත්‍රික් ස්වශක්ති බල මණ්ඩල මහා සභාවේ හමුවක් අද (08) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒ අනුව දෙසැම්බර් මස 7 වන දින කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම් සඳහා අවශ්‍ය මූල්‍ය වියදම්, සැමරුම සඳහා එක්කරන විශේෂාංග ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම පූර්ණ ආබාධිත පුද්ගලයන් පන්සිය දෙනෙකු සදහා මැතිවරණ කාර්යාලය මැදිහත්වීමෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවශ්‍යතාවය හා ඒ සම්බන්ධව පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම මුසාකෝ ආයතනයේ මැදිහත්වීම මත ආබාධිත හා අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීම සඳහා කෙසෙල් පට්ටා ආශ්රිත නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමක් කිරීමක් ද මීට සමගාමීව සිදු කෙරිණි.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු දිස්ත්‍රික් සමාජ සේවා අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් සජිත් පී. කස්තුරිසිංහ යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන් හා ස්වශක්ති බලමණ්ඩලවල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























