දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල විවිධ වූ කලා හැකියාවන්ගෙන් යුතු නිලධාරින් සතුව පවතින හැකියාවන්ට එකම වේදිකාවක් තනා දෙමින් ඒ හරහා කාර්යාලයීය නිලධාරින්ගේ සුහදතාව වර්ධනය කරගැනිම අරමුණ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කලා සංසදය ස්ථාපිත කිරිම ඊයේ (09) දින දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව එම කලා සංසදය සඳහා නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගත් අතර නිල බලයෙන් සංසදයේ සභාපතිතුමන් ලෙස දිස්ත්‍රික් ලේකම්තුමන්ද, උප සභාපති තනතුර සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය (පාලන) හා ලේකම් තනතුර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරියට හිමි විය. ඉන් අනතුරුව සංගීත, නර්තන, නාට්‍ය, ලේඛන, චිත්‍ර, ඡායාරූපකරණය ආදි විවිධ කලා හැකියාවන්ගෙන් යුතු පිරිස්වල එකතුවෙන් අනු කලා කමිටු පිහිටුවා ගන්නා ලදී. තව ද සංස්කෘතික සංසදයේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම , අඩුපාඩු පෙන්වාදීම සහ සභා සම්මත කිරීම, 2024 වර්ෂයේ සංස්කෘතික සංසදයේ ඉදිරි සැලැස්ම ඉදිරිපත් කිරිම හා අදහස් හා නව යෝජනා ලබා ගැනිමටද කටයුතු කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සිංස්කෘතික නිලධාරිනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු එම අංශය විසින් සංවිධානය කෙරිණි.
එම අවස්ථාවට දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් හා කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.




















