කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන්වලට අදාල ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (09) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන - 2021, සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන -2023 හා ග්‍රාම ශක්ති වැඩසටහන් පිළිබඳව කරුණු එහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
මේ වන විට ක්‍රියාත්මක උක්ත වැඩසටහන්වල පවතින ප්‍රගතිය, ගැටලු හා අභියෝග පිළිබඳව මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කරුණු ඉදිරිපත් වූ අතර අමුද්‍රව්‍ය හිගය හා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ගැනුම්කරුවන්ගේ හිගතාවය, තාක්ෂණික පුහුණු අවශ්‍යතාවය, කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෝ සංචාරකයින් බහුලව ගැවසෙන ස්ථානයක ස්ථීර අලෙවිසලක අවශ්‍යතාවය හා දැනට ක්‍රියාත්මක හා අක්‍රිය ග්රාමශක්ති බැංකුවල පවතින ගැටලු ඇතුළු කරුණු රැසක් මීට ඇතුළත් විය.
2023 වසරට අදාළව ආහාර ඇසුරුම්, බුලත් වගාව ,කිරි ආශ්රිත නිෂ්පාදන, නයි මිරිස් සහ බිම්මල්, සංචාරක ආකර්ෂණීය ආර්ථික බෝග නිෂ්පාදන යන ව්‍යාපෘතීන් පිළිවෙලින් බුලත්කොහුපිටිය, වරකාපොළ, ගලිගමුව, දෙහිඕවිට, කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිතයි.
දිස්ත්‍රික් සැලසුම් අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සෞභාග්‍යයා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ජෙනරාල්තුමන්, එම කාර්යාංශයේ අධ්යක්ෂකතුමන්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජ්‍ය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





















