සංචාරක හා ඉඩම් අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කලමණාකරණ ආයතනය මඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හෝටල් කේෂත්‍රයේ ආගන්තුක සත්කාරය පිළිබඳ කෙටිකාලීන පුහුණු වැඩසටහන් හදාරන ලද කෑගල්ල දිස්ත්‍රික් සිසුන් සඳහා තහවුරු ලිපි ලබා දීමේ වැඩසටහනක් අද( 16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් සැලසුම් අංශය සම්බන්ධීකරණය කල මෙම පුහුණු පාඨමාලාවන් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය තුල හෝටල් කේෂත්‍රයට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18 – 25ත් අතර තරුණ තරුණියන් 57 දෙනෙකු අවස්ථාව උදා කර ගත් හ. ඒ අනුව ආහාර පාන සේවය, හෝටල් ගෘහ පාලනය යන පාඨමාලා දෙක සාර්ථකව සම්පූර්ණ කිරිම වෙනුවෙන් එම සිසුන් ඊට අදාල තහවුරු කිරිමේ ලිපි අද දින හිමිකර ගත් අතර මින් ඉදිරියට වසරක හෝටල් තුල ලබන පුහුණුවෙන් අනතුරුව ඔවුනට සහතික ලබා දිමට කටයුතු කෙරේ.
මෙම පුහුණු පාඨමාලා වරකාපොල හා කෑගල්ල කාර්මික විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් පැවති අතර එහි දේශකවරුන් ලෙස කෞශලය නානායක්කාර හා මධුශාලිනි යන මහත්ම මහත්මීන් කටයුතු කලහ.
දිස්ත්‍රික් සැලසුම් අංශයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකොන් , ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කලමණාකරණ පාසල (රත්නපුර) විදුහල්පති කනිෂ්ක නුගවෙල යන මහත්වරුන් හා පාඨමාලා හැදැරූ සිසු සිසුවියන් පිරිසක් එක්ව සිටියහ.






























