රාජ්‍ය භාෂා ප්‍රවීණතා පැය 150 පාඨමාලාව අවසන් කල රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාවන් ඉදිරිපත් කල ප්‍රාසංගික වැඩ සටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල නිලධාරීන් 170 ක් පමණ පිරිසක් මේ සඳහා සහභාගී විය.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර ඉන්දිකා වීරරත්න මහත්මියගේ මැදිහත්විම මත මෙම පාඨමාලාව සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ( සංවර්ධන) දිලිප් නිශාන්ත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, දෙමළ භාෂා උපදේශක කේ.එම්. නිප්තාර් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය, පරිපාලන නිලධාරි යාමිණි රත්නායක මහත්මිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.