මාතර අකුරැස්ස ප්‍රධාන බස් නැවතුමේ සිට යාපනය දක්වා කි. මි. 3089 ක් පාගමනින් ගමන් කොට ලෝක වාර්ථාවක් තැබීම අරමුණු කර ගනිමින් අද (20) උදෑසන වෑවලදෙනිය විහාරස්ථානයෙන් 54 වන දිනට පරදුව අකුරැස්ස පදිංචි මැරතන් ධාවන ශූර එස්. බාලකුමාර මහතා පා ගමන අරඹයි.
පසුගිය සැප්තැම්බර් මස 25 වන දින මාතර අකුරැස්යෙන් ඇරඹි මෙම පා ගමන දින 60 කට අඩු කාලයකින් නිමා කිරිමට සැලසුම් කර ඇති අතර දිවයිනේ සියළුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පා ගමන නිම කිරිමට නියමිතය.
සංඝ රත්නයට ආශිර්වාදය පිණිස, දේශයේ නිවහල් භාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට උපහාර පිණිස,සියළුම ශ්‍රි ලංකිකයන්ට සෙත් පැතීම පා ගමනේ අරමුණයි.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල වෑවලදෙනිය ශ්‍රි මහින්දෝදය විද්‍යා පිරිවනේ විද්‍යාපති, ශස්ත්‍රෙව්දී අස්මඩලේ ධම්මරතන හිමි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රිඩා අංශයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා පාසල් ක්‍රිඩකයින් පිරිසක්ද මේ අවස්ථාව සදහා එක්වුහ.






















