කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩ සටහනක් අද (20) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කොමර්ෂල් බැංකුවේ දායකත්වය මගින් විදාතා අංශයේ මෙහෙයවිමෙන් මෙම සටහන සංවිධානය කර තිබිණි.

ආහාර ලේබල් කිරීම සහ රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීම, මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යාපාර සඳහා ලබාගත හැකි සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම, මූල්‍ය වංචා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම වලින් ආරක්ෂා වීම යන කරුණු මුල්කර ගනිමින් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

කාර්මික සංවර්ධන මණ්ඩලය , කුඩා ව්‍යාපාර අංශය ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා විදාතා මධ්‍යස්ථානය යන අංශ වලින් මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 100 දෙනකු පමණ සහභාගි කරවනු ලැබිණි.

මෙම අවස්ථාවට සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිලීප් නිශාන්ත මහතා, කර්මික සංවර්ධන මණ්ඩලයේ පලාත් අධ්‍යක්ෂකතුමන්, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකර අධ්‍යක්ෂක, දිස්ත්‍රික් විදාතා නිලධාරී, කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ශාඛාවේ කළමනාකාරතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.