2030 වසර වන විට රට තුල ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා රාජ්‍ය අංශය ඩිජිටල්කරණයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කොට ඇති දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටුවෙහි කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (22) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මේ වන විට පාසල් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් Startup business පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට අදාල සම්පත් දායකයන් හඳුනාගැනීම, තොරතුරු තාක්ෂණ සම්පත් දායක සංචිතයක් නිර්මාණය කිරීම, දැනට පවතින පරිගණක විද්‍යාගාරවල උපාංග පිළිබඳව සමීක්ෂණය, පාසල් තුළ ප්‍රාථමික හා ද්විතීක අංශය මගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සමාජ පිළිබඳ සමීක්ෂණය, youth boot වැඩසටහන ,ප්‍රාදේශීය ඩිජිටල් සංවර්ධන කමිටු පිහිටුවීම, රජයේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය ඇතුලු ක්‍රියාකාරකම් රැසක වත්මන් ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.
එමෙන්ම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජේෂ්ඨ කළමනාකරු මනෝජ් හේමන්ත, කළමනාකරු චරිත් උදයංග යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





















