ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ශ්‍රවන උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (28) දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ගලිගමුව, වරකාපොල, අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිහිටියන් 185 දෙනෙකු සදහා ශ්‍රවන උපකරණ මෙහිදී පිරිනැමිණි. එහි එක් ශ්‍රවන උපකරණයක වටිනාකම වටිනාකම රු.80,000.00 කි. මෙම උපකරණ ලබා දීම සදහා Ear Master ආයතනය සම්බන්ධ විය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමාරි මහත්මිය ඇතුලු එම අංශය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතා, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, ගලිගමුව ,වරකාපොල, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
































