මෙම වසරේ අවසන් දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.
අනවසර ඉඩම් ලබාදීම සම්බන්ධව විනිවිදභාවය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම් වැඩි කිරීම, බදු ඉඩම්, බලපත්‍ර ඉඩම්, දීමනාපත්‍ර ඉඩම් ලබාදීම සම්බන්ධව සංගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය, සියලුම සංවර්ධන නිලධාරීන් සදහා රාජකාරි ලැයිස්තුවක් ලබා දීම, වැඩිහිටි දීමනාව ලබා දීමේදී අඛණ්ඩව මාස තුනකට වඩා දීමනාව ලබා නොගත් වැඩිහිටියා සම්බන්ධව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

තවද කෑගල්ල නාගරික උද්‍යාන සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, වරකාපොල බස් නැවතුම්පල ඉදි කිරීම අවසන් නොකිරීම, අරණායක කුළුබඩු නිෂ්පාදන ආශ්‍රිත ගම්මානය, ග්‍රාමශක්ති සමිති සඳහා ලබාදී ඇති ප්‍රතිපාදන වැඩි කර ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, 2024 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මට තොරතුරු ලබාගැනීම යනාදී කාරණාවන්ද ඇතුළත්ව කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට zoom ඔස්සේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන්.ඒ සුභසිංහ මහතා අදහස් දැක්වීම සඳහා එක්විය.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.වී.ආර් මීපුර, විගණන අධිකාරි එන්.එම්.පී.එච්. වික්‍රමසිංහ, අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන,ප්‍රධාන ගණකාධිකාරී චන්දනී නිල්මල්ගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජ්‍ය සහ සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.