සබරගමු පළාත් සභාව,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල පොලිසිය ,සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය ,පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ,කෑගල්ල සමූපකාර සහකාර කොමසාරිස් කාර්යාලය, කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, කෑගල්ල වොලිබෝල් සංගමය සහ සුහද මිතුරු සංසදය එක්ව සංවිධානය කරන කෑගලු වොලිබෝල් සැණකෙළිය - 2023 අද (15) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ විය.
15, 16 ,17 යන තෙදින පුරා කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනය ,රොක් හිල් ක්‍රීඩාංගනය සහ කෑගලු විද්‍යාලීය ක්‍රීඩාංගනයන්හි පැවැත්වෙන මෙම වොලිබෝල් සැණකෙළියෙහි පළමු දිනවන අද දින රාජ්‍ය ආයතන වොලිබෝල් තරගාවලිය (කාන්තා /පිරිමි) සහ පාසල් වයස අවුරුදු දහසයෙන් පහළ බාලක තරගාවලිය පැවැත්විණ.
තරගාවලියේ දෙවන දින පෞද්ගලික සමාගම් හා වතු සමාගම් වොලිපොල් තරගාවලිය ( පිරිමි ) සහ වයස අවුරුදු පහළවෙන් පහළ (බාලිකා)තරගාවලි පැවැත්වේ.අවසන් දිනයේදී සමූපකාර අභියෝග ශූරතා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය පිරිමි සහ පාසල් වයස අවුරුදු දහසයෙන් පහළ (බාලක )තරගාවලියන් පැවැත්වීමට නියමිතයි.
සමාරම්භක අවස්ථාවට සබරගමුව පලාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමන්, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිතුමන් ,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ,ක්‍රීඩා නිලධාරීන් ,විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


































