හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒක්ව සංවිධානය කළ හින්දු දහමු පාසල් ගුරු භවතුන් පුහුණු කරීමේ වැඩසටහනක් ඊයේ (17) කරවනැල්ල ශ්‍රි විශුද්ධාරාමා සම්මන්ත්‍රණ ශාලාවේ දි සංවිධානය කර තිබුණි.
ජී.ශ්‍රීධරන්, දේශබන්ධු කිටිනන් මනිවන්නන් යන මහත්වරුනගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම පුහුණු කිරීමට සමඟාමීව දහම් පාසල් පොත් බෙදා දිමක්, දහම් පාසල් ගුරුවරැන් ඇගයීමට ලක් කරමින් සහතික පිරිනැමිම මෙන්ම එම ගුරුවරුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරිමක්ද සිදු විය.
හින්දු දහම් පාසල් ගුරුවරුන් ඒකසිය පණහක් පමණ සහභාගී වූ මෙම වැඩසටහන දිස්ත්‍රික් හින්දු කටයුතු නිලධාරී ඒස්.පී.ඒන්.පී සංජය මහතා විසින් සංවිධානය කර තිබුණි.


























