ක්‍රීඩ හ යෞවන ,කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් අනාගත ව්‍යවසායකයින් සොයා යන සොඳුරු ඇරඹුමේ සුවිශේෂී කඩඉමක් වූ Golden Idea චිත්‍ර හා රචනා තරඟාවලියෙන් ජයග්‍රාහී ලැබු කෑගලු දිස්ත්‍රික් දූ දරුවන්‌ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය හා චිත්‍ර ප්‍රදර්ශනය අද (21 )පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල‌යීය පරිශ්‍රයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

එහිදි කනිෂ්ඨ සහ ජේෂ්ඨ යන අංශ දෙක යටතේ පැවැති චිත්‍ර සහ රචනා තරගාවලියේ ජයග්‍රාහකයින සදහා පදක්කම්, මූල්‍ය ත්‍යාග සහ සහතික පත්‍ර සහ කුසලතා සහතික මෙන්ම සිය්ලුම සහභාගී වූ දරුවන් සදහා සහභාගීත්ව සහතික පත්‍ර් බෙදා දෙන ලදී. මෙම තරගාවලියට අංශ දෙක යටතේ 600කට ආසන්න දරුවන් ඉදිරිපත් වීම ද සුවිශේෂි විය.

දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජා මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යකෂ ඒ.ඒ වීරකෝන් මහතා සහ නියෝජය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂවරියන්,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කුඩා වයාපාර සංවර්ධන නිලධාරීන් , පාසල් සිසුන්, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.