ආදරය,ප්‍රේමය,දයාව පතුරුවන සීතල නත්තල් දිනය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් ඊයේ (21) පස්වරුවේ දී කාර්යාල පරිශ්‍රෙයේදී සංවිධානය කර තිබුණි.

එහිදී නත්තල් දින අරුත පිලිබද බාහිර සේවා සහකාර එස්.සී තොටවත්තගේ පියතුමන් විසින් පැහැදිලි කර දෙන ලදී.සියලුම අංශ නියෝජනය වන පරිදි පැවති මෙම ගී ප්‍රසංගයක සංවිධානය කර තිබුණේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ප්‍රමුඛ එම අංශය විසිනි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුලු මණ්ඩලික නිලධාරීන් හා සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.