අහදියා දහම් පාසල් විසි හයක් සදහා චෙක්පත් බෙදා දීමක් පසුගියදා (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණි.ඊට සමගාමීව දහම් පාසල් පොත් බෙදා දීමක්ද සිදු විය.

එම දහම් පාසල්වල සේවය කරන ගුරු භවතුන් සදහා ගුරු දීමනා බෙදා දීමේ මෙම වැඩසටහන දිස්ත්‍රික් මුස්ලිම් කටයුතු පිළිබඳ නිලධාරී එම්.එෆ්.එම් රිල්වාන් මහතා විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි කාංචනා විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.