ලෝක ළමා දිනයට සමඟාමිව ළමා අයිතින් හා ළමා ආරක්ෂාව තේමා කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් 2021,2022 හා 2023 යන වසරවල පවත්වන ලද සමස්ත ලංකා "සිතුවිලි සිත්තම්" තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ජයග්‍රාහකයින් සදහා පදක්කම්, ත්‍යාග හා සහතිකපත් ප්රදානෝත්සවය ඊයේ (27) පෙරවරැවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පාසල් අංශයේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් මෙන්ම විවෘත අංශයේ ජයග්රිහකයින් සඳහා ද පැවති මෙම ත්‍යාග ප්රදානෝත්සවය දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරි විනෝදනි කුලතුංග හා දිස්ත්‍රික් මනෝසමාජ නිලධාරී චතුරිකා බංඩාර යන මහත්මින් විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, පරිපාලන නිලධාරී යාමිණි රත්නායක යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
























