කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
බතික් කර්මාන්තය පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යන්නේ කෙසේද, එහිදී ඇතිවන ගැටලු සහ බාධා, ව්‍යවසායකයින්ට ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම මෙම හමුවේ අරමුණයි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය,කාර්මික සංවර්ධන මණ්ඩලය හා මධ්‍යම පරිසර අධිකාරියේ සම්පත් දායකත්වය ඇතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාවසාය සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කේ.ජි.එස්. නිශාන්ත,මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම් එස්.බ්.රත්නායක , කාර්මික සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු ජානකී ජයවර්ධන යන මහත්ම මහත්මීන් , ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය ව්‍යාවසාය සංවර්ධන නිලධාරීන් ,බතික් කර්මාන්තයේ නියැලෙන බතික් ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.