පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන අත්සලු ජාතික තරගාවලිය, අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගාවලියට සමගාමීව පවත්වන ලද "වියමන් දෑතට අභිමන් - 2023 " අත් යන්ත්‍ර පේෂකර්ම තරගාවලියෙන් ජයග්‍රහණය ලද සබරගමු පලාතේ පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීමක් අද (28) පෙරවරුවේදී කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තරග ඉසව් 21 ක් යටතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ආවරණය වන පරිදි පේෂ කර්මාන්තයේ නිරත ශිල්පීන් ,වැඩිම නිෂ්පාදනයන් සිදුකළ මෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ ආයතන ද ඇගයීමට ලක් කෙරිණි.පළාත් මට්ටමින් ජයග්‍රහණය ලද මෙන්ම ජාතික මට්ටමින් ජයග්‍රහණය ලද ශිල්පීන් හට මූල්‍යමය ත්‍යාග සමගින් සහතික පත්‍ර ප්‍රධානය මෙහිදී සිදුකෙරිණි.
මෙම වැඩසටහන සබරගමු පළාත් කර්මාන්තය සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ නර්මදා එගොඩගෙදර මහත්මිය ප්‍රමුඛ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්‍ෂ ටී ඒ.පී කුසුම්සිරි,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී ,කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් මනෝරී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්,කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂකතුමන් (සබරගමු පළාත), කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියන්,සබරගමු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුන්,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පේෂ කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




























