උදාවූ 2024 නව වසරේ රාජකාරි කටයුතු සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් අද (01) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව පහත බුලත්ගම කෝරළ ඇතුළු සතර කෝරළ මහ දිසාවේ කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ වෑවලදෙනිය විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරන ලදී. ඉන් අනතුරුව රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිහඬියාවක් පළකොට, රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදුනි.නව වසරට සුබ පැතුම් එකතු කරමින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා විසින් සමස්ත කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම ඉන් අනතුරුව සිදුවිය.

මෙම අවස්ථාවට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු සිදු කරමින් බාහිර ක්‍රියාකාරකම් සදහා කැපවුණු නිලධාරීන් පස්දෙනෙකු අගය කරමින් ඔවුනට සහතික හා උපහාර පිරිනැමීමටද කටයුතු කෙරිණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්වරුන් , සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව සිටියහ.