2023 වසරට අදාල සමස්ත ලංකා සහ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ඊයේ (21) පස්වරුවේදී කෑගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව , කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ එක්ව සංවිධානය කළ මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ඇගයුම් ඉසව් 41ක් යටතේ සමස්ත ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය ලද දරු දැරියන් 205 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමිණි.
තවද සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ලැබූ දහම් පාසල් දරුවන් දෙදෙනා සඳහා විශේෂ සම්මාන හා සහතික පත්‍ර ලබා දුන් අතර එම දරුවන් නියෝජනය කරන දහම් පාසල් දෙක සඳහා විශේෂ සමරු පලකයන්ද පිරිනැමිණි.
විචිත්‍රවත් විශේෂාංග රැසකින් ද සමන්විත මෙම වැඩසටහන දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට පහත බුලත්ගම කෝරළ තුන සතර කෝරළ මහ දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමිපාණෝ, සතර කෝරළ මහ දිශාවේ උප ප්‍රධාන සංඝනායක, කෑගල් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී විශ්‍රාමලත් විදුහල්පති, පින්නවල ශාසනාරක්ෂක මණ්ඩලයගරු සභාපති, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා, සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ නවීන් දිසානායක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගම්ලත්ගේ දිලිප් නිශාන්ත, බෞද්ධ කටයුතු කොමසාරිස් (දහම් පාසල්) වසන්ත ලියනගේ , කෑගල්ල මාවනැල්ල ,අරණායක ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් නිලධාරීන්, දහම් පාසල් සිසු සිසුවියන්, දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

































