කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවිධානයෙන් Voice of Migration (VOM) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින විගමනික ශ්‍රමික සංගම් සංවිධාන ගත කිරීම හා සවිබල ගැන්වීම පිළිබඳ පුහුණ වැඩසටහනක් අද (31) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හා දිස්ත්‍රික් විගමනික සංගම්වල නිලධාරීන් සහභාගි වූ මෙම වැඩසටහන තුළදී විගමනික ශ්‍රමික සංගම් සංවිධාන ගත කිරීම ආශ්‍රිතව පවතින තත්ත්වයන්, ගැටලු හා නවයෝජනා ඇතුළු කරුණු රැසක් පිළිබඳව දැනුවත් කෙරිණි. ඒ සඳහා සම්පත් දායකත්වය විදේශ රැකියා අමාත්‍යංශයේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ සංවර්ධන නිලධාරී ලංකා සුමනදාස මහතා විසින් ලබාදී තිබුණි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකාරක නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුළු දිස්ත්‍රික් විදේශ රැකියා අංශය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.