76 වැනි නිදහස් දින සමරු උළෙලට සමගාමීව ඖෂධ පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අද (02) ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රන්ජන ජයසිංහ මහත්මාගේ සහභාගිත්වයෙන් කෑගල්ල සංචාරක බංගලා පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්.නිශාන්ත, කෘෂිකර්ම අධ්යක්ෂ ඒ.එම්.යූ. පින්නලන්ද, පරිපාලන නිලධාරිනී ආර්.එම්.පී.වයි. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද සහභාගි විය.





















