විවිධ භාෂා සහ රාජ්‍ය භාෂා පිළිබඳ දැනුම කුසලතාවය වර්ධනය කිරීමටත්, පුද්ගලයන් අතර අන්‍යෝන්‍යය අවබෝධය ඇති කරමින් පොත් කියවීමේ සංස්කෘතියක් සමාජය තුළ ඇති කිරීමත් අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ ක්‍රියාකාරී සැලැස්මකට අනුව පුස්තකාල සඳහා භාෂා පොත් බෙදා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඳුගොඩ සිංහ යෞවන සමාජය මගින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලය සඳහා පොත් සංකේතාත්මකව පිරිනැමීම ඊයේ (06) පස්වරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා අතින් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ මහත්මිය වෙත ලබාදීම සිදුකරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශයේ සම්බන්ධීකරණ නිලධාරිනි ඉන්දිකා වීරවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී.