කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් රට තුල කාර්මික සාමය ආරක්ෂා වී ආයෝජන හිතකාමී පරිසරයක් ඇති කිරිම තුලින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවිම හා ඒ තුලින් රටේ ආර්ථිකය නැංවීමට දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා වැඩසටහන් මාලාවක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත. එහි කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම පසුගියදා (06) පස්රවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම මස 23 හා 24 ය දෙදින කෑගල්ල නිදහස් මාවතේ දි පැවැත්විමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන ඔස්සේ රටේ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කරන අතර ඒ තුලින් විගමණික ශ්‍රමිකයින්, තරුණයින් හා ඌන පහසුකම් සහිත දරුවන් සඳහා කුසලතා, සුබසාධනය හා අවස්ථා වැඩි දියුණු කිරිමට අපේක්ෂා කෙරේ. විදේශ රැකියා වැඩසටහන, ගරුසරු වැඩසටහන, SMART YOUTH CLUB වැඩසටහන හා ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිලාභ බෙදා දීමේ වැඩසටහන ලෙස අදියර හතරක් ඔස්සේ පැවැත්වෙන මෙම ජංගම සේවා වැඩසටහනේ අවසන් දින රාත්‍රියේ සංගීත ප්‍රසංගයක්ද පැවැත්විමට සැලසුම් කර ඇත.
ඒ අනුව මීට අදාල දිස්ත්‍රික්කයේ විවිධ ආයතනවලට පවතින කාර්යභාරය හා ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී දිර්ඝව සාකච්ඡා කෙරිණි.
එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර් කිරිඇල්ල, කමිකරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ප්‍රසාද් පියසේන ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන් යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල සහකාර පොලිස් අධිකාරිතුමන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ නිලධාරීන්, අධ්‍යාපන, ගමනා ගමන, සෞඛ්‍ය ඇතුලු කේෂත්‍ර රැසක නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
























