76 වන නිදහස් දිනයට සමගාමීව දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය සංවිධානය කළ මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී පිළිසරණක් අවැසි වැඩිහිටියන් එකොළොස් දෙනකු සඳහා වියළි ආහාර ද්‍රව්‍යය ලබා ගැනීමට රුපියල් පන්දහස බැගින් මූල්‍යමය ත්‍යාග ලබාදෙන ලදී.
එමෙන්ම අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපදේශක සහකාර නිලධාරීතුමන් සම්බන්ධ කරමින් වැඩිහිටියන් සඳහා ආකල්ප සංවර්ධනය පිළිබඳ දේශනයක් ද මෙම වැඩසටහනට සමගාමීව පවත්වන ලදී.
දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත, සහකාර ප්‍රාදේශීය ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

























