දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව බතික් කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (20) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි දි දිස්ත්‍රික්කයේ බතික් කර්මාන්තන නඟා සිටුවීම, පරිසර හිතකාමී බතික් කර්මාන්ත ලියාපදිංචි කිරිමට අවශ්‍ය සම්බන්ධීකරණය, අමුද්‍රව්‍ය සම්බන්ධීකරණය,බතික් නිෂ්පාදන මිලදී ගැනීම්, දිස්ත්‍රික් බතික් නිෂ්පාදනකරුවන්ගේ සංගමය පැවැත්වීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යෙමු කෙරිණි.

තවද ව්‍යවසායකත්වය, ධනාත්මක චින්තනය, ආකල්ප සංවර්ධනය පිළිබඳව පුහුණුකරු ජයශාන්ත කුමාර මහතා විසින් පැමිණි සිටි ව්‍යවසායකයින් දැනුවත් කරන ලදි.

දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරී සකුන්තලා ප්‍රියංගනි මහත්මිය ඇතුලු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ හෂික ද මෙල්, සළුසල ආයතනයේ ජේ්‍යෂ්ඨ කලමණාකරු ජනක බොතේජු,බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බතික් උපදේශිකා ගයනි ද අල්විස් යන මහත්ම මහත්මීන්, ව්‍යවසාය සංවර්ධන නිලධාරින, බතික් ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.