රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද රාජ්‍ය භාෂා ප්‍රවීණතා ග්‍රන්ථ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප කාර්යාල හරහා හඳුනාගත් පාසල් වෙත බෙදා දිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ. ඒ අනුව කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාල මට්ටමින් හඳුනා ගත් පාසල් වෙත එම ග්‍රන්ථ ලබා දිමක් අද (21) පෙරවරුවේ දී සිදු කෙරිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉන්දිකා වීරවර්ධන මහත්මිය අතින් කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය වෙත එම ග්‍රන්ථ එහි දි පිරිනැමිණි.
මෙම වැඩසටහන රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායි ක්‍රියාත්මක කිරීමේ අගය වඩාත් අවධාරණය කරනු පිණිස ජාත්‍යන්තර මව් භාෂා දිනය සනිටුහන් කරමින් පාසැල් ළමුන් සදහා පවත්වන විශේෂ වැඩසටහනක් ලෙසද හඳුන්වා දිය හැකිය.



















