ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා හර්බ්ලයින් ආයතනය එකව පැවත් වූ රූපලාවණ්‍ය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණු ලාභිණියන්ට එම සහතික පත් ප්‍රධානය අද (22) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
වරකාපොල, රඹුක්කන්න, රුවන්වැල්ල, සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් පුහුණුලාභීන් අනුවකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඊට සමගාමීව මනාලියන් දැක්මක් ද පැවැත්විණි.
දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරී සකුන්තලා ප්‍රියංගනී මහත්මිය ඇතුළු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් / දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, වරකපොල සහකාර ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා බණ්ඩාර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ධනුක ලියනගමගේ, නියෝජ්‍ය අධ්යක්ෂ වසන්ත සේනානායක, හර්බ්ලයින් සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකර අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියදර්ශන බෙන්තොට, පුහුණු ප්‍රධානී රූපලාවණ්‍ය අධ්යක්ෂ සමන් විජයමාන්න, දේශබන්ධු නීතිඥ කමාන්ඩර් නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන්, ව්‍යවසාය සංවර්ධන නිලධාරීන්, පුහුණු උපදේශිකාවන් පුහුණුලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



































