කෑගල්ල දිස්ත්‍රික් "ගරු සරු" සහ SMART Youth Club හදුන්වාදීමේ වැඩසටහන පසුගිය 23 හා 24 දිනයන්හිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී සාර්ථකව අවසන් විය.
ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ සේවයේ නිරත ශ්‍රමිකයන් උදෙසා සේවා ගරුත්වය හිමිකර දීම,ඔවුන්ගේ නිපුණතාවය සංවර්ධනය කිරීම, ශ්‍රමිකයන්ගේ සමාජීය ආරක්ෂාව තහවුරු කිරීම, සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ගරුසර වැඩසටහනේ මූලික අරමුණයි.
SMART youth club වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සාමාජිය පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව හා ඔරොත්තු දීමේ හැකියාව ඇති නිර්මාණශීලී චින්තන කුසලතාවයෙන් යුතු, ආචාර ධර්ම වැනි ගුණාංග සහිත ආර්ථික කටයුතු සඳහා ඵලදායි ලෙස නිරත වන තරුණ ප්‍රජාවක් අනාගතයට සූදානම් කිරීමයි.
මේ වැඩසටහන සඳහා සහභාගී වූ තරුණ ප්‍රජාවට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම් ලබාදීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන, කර්මාන්ත, අධ්‍යාපනික ආයතන මෙන්ම අවිධිමත් අංශයේ ශ්‍රම බලකාය මෙම අවස්ථාවක් එක්විය.
මෙම වැඩසටහන විදේශ සේවා හා කම්කරු අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විදේශ රැකියා අංශය හා රැකියා ප්‍රවර්ධන අංශය එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහයෝගය මත සාර්ථකව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවන් සඳහා කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පි ඒ.විමලවීර මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන්, දිස්ත්‍රික්කයේ සියලුම ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා නිලධාරීන්, විදේශ සේවා නියුතු කාර්යාංශ නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජන වන ලෙස සහභාගි වූ තරුණ කණ්ඩායම් ඇතුළු පිරිසක් සහභාගි වූහ.




































