ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම හා සමාජ සේවා නිලධාරීන්ගේ රැස්වීමක් ඊයේ (28) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පසුගිය සභාවාරයේ වාර්තාව හා සංවත්සර වාර්තාව සභාවට ඉදිරිපත් කොට සම්මත කිරීමෙන් අනතුරුව 2024 නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදී. එහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ .ජී .එස්. නිශාන්ත මහතා විසින් පසුගිය වසරේ බලමණ්ඩලය තුළ සක්‍රීයව වැඩ කළ හිටපු සියලු නිලධාරී මණ්ඩලයට සුබ පැතීමද ඉදිරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යාම සඳහා නව නිලධාරී මණ්ඩලයට ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කරන ලදී.
මෙහිදී සාකච්ඡාවට ගත් කරුණු අතර ප්‍රථමයෙන්ම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල වෙසෙන ආබාධ සහිත වූවන් සඳහා ඉදිකරනු ලබන සහ ඉදි කළ නව නිවාස පිළිබඳව දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් සමාලෝචනයක යෙදෙන ලදී. එමෙන්ම එම නිවාස මේ වසර තුළදී සාදා නිම කළ යුතු බවයි එහිදී තීරණය කෙරුණේ.
මාර්තු 19 වැනි දින ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට තීරණය කළ අතර ඒ සඳහා සියලු නිලධාරීන්ගේ සහය ලබා ගැනීමටද මෙහිදී තීරණය විය. දිස්ත්‍රික් ස්වශක්ති අරමුදලෙහි ඇති මුදල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ සඳහා එක් කොට්ඨාසයකට රුපියල් 75000/= ක මුදලක් චක්‍රීය අරමුදල වෙනුවෙන් ලබාදීමටත් එම අරමුදලේ පොලිය ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපන ආධාරයක් ලෙස භාවිතයට ගැනීමටත් මෙහිදී තීරණය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරි ඉන්දුමාලා අබේසිරිවර්දන, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර යන මහත්ම මහත්මීන් ,ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සමාජ සේවා නිලධාරීන්, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන් සහ ආබාධ සහිත වූවන්ගේ බලමණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.























