පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, කෑගල්ල වොලිබෝල් සංගමය හා සුහද මිතුරු සංසදය එක්ව සංවිධානය කළ කෑගලු වොලිබෝල් සැණකෙළියේ රාජ්‍ය ආයතන අතර වොලිබෝල් අවසන් මහා තරඟය අද (01) දවස පුරා කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති පලමු වොලිබෝල් තරගාවලිය මෙය වීමයි.
ඒ අනුව කෑගලු වොලිබෝල් සැණකෙළියේ අවසන් වටය සඳහා කෑගල්ල පොලීසිය, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය සභාව, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාන්තා වොලිබෝල් කණ්ඩායමත්, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන ප්‍රාදේශීය සභාව, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පිරිමි කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණි. කාන්තා වොලිබෝල් ශූරතාවය කෑගල්ල පොලිස් කණ්ඩායමත්, අනු ශූරතාවය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමත්, පිරිමි වොලිබෝල් ශුරතාවය රුවන්වැල්ල පොලීස් කණ්ඩායමත්, අනුශූරතාවය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායමත් දිනා ගන්නා ලදී. වයස අවුරුදු 16න් පහල පාසල් පිරිම් අංශයේ වොලිබෝල් ශූරතාවය ගලපිටමඩ මැදි විද්‍යාලයත් අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මැදි විද්‍යාලයත් හිමි කරගන්න ලදී.
මෙම අවස්ථාවට සමඟාමීව කෑගලු වොලිබෝල් සැණකෙළිය පැවැත්වීම සඳහා අනුග්‍රහය, දායතක්වය හා නන් අයුරින් කැපවූ පිරිස් සඳහා උපහාර පිරිනැමීමක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය,කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ පෞද්ගලික ලේකම් හර්ෂ සියඹලාපිටිය, හිටපු ගලිගමුව ප්‍රාෙද්ශිය සභා සභාපති සමන් ජයසිංහ යන මහත්වරැන්, කෑගල්ල දිසාපතිතුමන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙහිඕවිට හා දැරණියගල ප්රාෙද්හිය ලේකම්වරුන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමන් , දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරීතුමිය ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
































