කවිකාර සිත් දොඩමළු වන ගීතමය සුයාමය "සඳදිය නිම්නය" ගීතමය රස වින්දනාත්මක වැඩසටහනෙහි කුළුඳුල් දිගහැරුම ඊයේ (05) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජයරත්න මහත්මිය ඇතුළු එම අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි ගීත විචාරය සඳහා මෙවර සහභාගි වූයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාය. වැඩසටහන මෙහෙයවීම සංවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා හා චතුරංගනි සජානි මෙනෙවිය විසින් සිදු කරන ලදී.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සුගායනයෙන් හැඩවුණු මෙම ගීතමය වැඩසටහන සෑම මසකම එක් දිනක් බැගින් පැවැත්වීමට කටයුතු කෙරේ.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත යන මහත්තුරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.