මහජන පැමිණලි අවම කර ගනිමින් කාර්ය්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා වන ප්‍රායෝගික උපාය මාර්ග හඳුනා ගැනීම වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා Transparency International Sri Lanka ආයතනයේ දායකත්වයෙන් හා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක Road Map For Better Service Delivery වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් පළමු දැනුවත් කිරිම ඊයේ (06) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
එම වැඩසටහන පිළිබඳ හඳුන්වා දීම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් ඩිලන්ති සිරිවර්ධන මහත්මිය විසින් සිදු කළා ය. කාර්ය්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා වන ප්‍රායෝගික උපාය මාර්ග ප්‍රකාශ හඳුන්වා දීම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නිල් ද අල්විස් යන මහත්වරුන් විසින් සිදු කළහ. පාරදෘෂ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියක් සඳහා තොරතුරු දැන ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ Transparency International Sri Lanka ආයතනයේ සකුන්තලා සෙනරත් මහත්මිය විසින් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,ගණකාධිකාරීවරුන්, පරිපාන නිලධාරීන්, පරිපාලන ග්‍රාම නිලධාරීන්, ජනපද නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
























