සමාජ සේවා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව හය වන වරටත් සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් ආබාධ සහිත වුවන්ගේ ජාතික ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (19) දවස පුරා කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින ආබාධ සහිත වූවන් එකසිය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් පමණ සහභාගී වු මෙම තරඟාවලිය සඳහා තරග ඉසව් හතලිස් එකක් අන්තර්ගත වී තිබූ අතර දිස්ත්‍රික් ක්‍රීඩා අංශයේ නිලධාරින් තරග විනිශ්චය සඳහා එක්ව සිටියහ.
මෙම තරඟාවලිය සඳහා ලයිකා ඥානම් පදනම, ශ්‍රි ලතා ජුවලර්ස්, සාමය හා දයාව උදෙසා සංවිධානය, අතුකෝරළ සමූහ ව්‍යාපාරය මූල්‍ය අනුගාහකත්වය ලබා දි තිබුණි.
දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවිර මහතා ඇතුලු එම අංශය හා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසවල සමාජ සේවා හා සංවර්ධන නිලධාරීන් එක්ව මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කේ.ජි.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එස්.එච් පරණවිතාන, සබරගමු පළාත් ජේ්‍යෂ්ඨ සමාජ සේවා නිලධාරී ඉන්දුමාලා, මූලස්ථාන සමාජ සේවා නිලධාරී එස්.ඒ ජයන්ත, ලයිකා ඥානම් පදනමේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වසන්තා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, කෑගල්ල රොහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුනගේ දෙමාපියන්, භාරකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.




































