කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (28) පෙරවරුවේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජි.එච් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මෙන්ම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික අංශයන් විසින් 2023 වසරේ සිදු කළ වැඩසටහන් වල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

2024 වසරේ පැවැත්වීමට නියමිත සාහිත්‍ය උත්සවය, දොළොස් මහේ පහන යටතේ පැවැත්වීමට නියමිත වැඩ සටහන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වීමට නියමිත වැඩසටහන් වඩාත් සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද යන්න මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කර තිබු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සංස්කෘතික නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්වුහ.