අස්වැසුම නව අයදුම්පත් සමීක්ෂණය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද දින(9) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තෝරා ගැනීම සඳහා නව අයදුම්පත් කැඳවීම 2024 මාර්තු මස 22 දිනෙන් අවසන් විය.
මෙම අයදුම්පත් සමීක්ෂණය කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පුහුණුකරුවන් ලෙස සුභසාධන ප්‍රතිලාභ තොරතුරු ඒකකයට එක් නිලධාරියෙක් සහ පරීක්ෂකවරයෙක් වශයෙන් පුහුණු කෙරේ.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කේ.ජී.එස් .නිශාන්ත, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ටී.ඒ.පි.කුසුම්සිරි, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් නෙරංජන් සිගේරා, දුක් ගැනවිලි විශේෂඥ අමිල ප්‍රියංග, සන්නිවේදන විශේෂඥ දිනූෂා ප්‍රේමතිලක,ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


























