බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අදාළව එම අමාත්‍යංශය විසින් කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා ක්ෂේත්‍ර රාජකාරීවල නිරත සියලුම නිලධාරීන්ගේ හමුවක් 2024 04 27 දින පැවැත්වීමට තීරණය කර තිබිණි. එමෙන්ම මේ සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම ගරු අමාත්‍යතුමන්ලා, ගරු මන්ත්‍රීතුමන්ලා සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් දන්වා තිබිණි. ප්‍රථමයෙන්ම ගරු විදුර වික්‍රමනායක අමාත්‍යතුමන් කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම හා එහි නිලධාරීන් හා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීම සිදුවිය. මෙම නිරීක්ෂණයට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. පී. එස්. නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, ඇතුළු කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීන් හා අදාළ පාර්ශවයන් සහභාගි විය.
දෙවනුව අමාත්‍යතුමන් විසින් කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, වෑවලදෙනිය සිරි මහින්දෝදය පිරිවෙනෙහි විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේ, ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ, ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු සභාපති, ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡාවක් වෑවලදෙනිය සිරි මහින්දෝදය පිරිවෙන්හිදී පැවැත්විණ. එහිදී ගරුතර ස්වාමීන් වහන්සේලා සමඟ දහම් පාසල් සහ දහම් පාසල් ගුරුභවතුන්ගේ ප්‍රශ්න, ගැටලු පිළිබඳවත් ශාසනයේ චිරස්ථිතිය උදෙසා නායක හිමිවරුන් ඉදිරිපත් කරන ලද සංදේශවල සඳහන් ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කිරීමත්, ඒවාට ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අදාල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසිකමය, සංස්කෘතිකමය හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ක්ෂේත්රවල රාජකාරියේ නියුතු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සැසිවාර ආරම්භ කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි. දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මූලිකත්වයෙන් හා එතුමා අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ආරම්භ වූ මෙම සැසිවාර ආමන්ත්‍රණය කරන ලද්දේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසිනි. එහිදී සංස්කෘතික කටයුතු අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, (ප්‍රවර්ධන), බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස්, (දහම් පාසල්) වසන්ත ලියනගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් (මහනුවර කාර්යාලය) ඩබ්. එම්. ඒ. එච්. බණ්ඩාර, බුද්ධ ශාසන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. එන්. කුමාරි, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් සහ මධ්‍යම, පළාත් රජයේ සංස්කෘතික නිලධාරීන්, ඒ සඳහා සහභාගි විය. ප්‍රථමයෙන්ම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්, හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත මහත්මාවරුන් ඇතුළු මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඉසඩ්. ඒ. එම්. ෆයිසාල්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වයි. අන්තෘතනන් මෙම සාකච්ඡාවට සහභාගි විය.
ඉන් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලවල උප සභාපති, ලේකම්, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලවල උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ කාරක සභා නිලධාරීන් සහභාගි විය. එහිදී අමාත්‍යතුමන් සහ සංස්කෘතික මණ්ඩලවල කලාකරුවන් ඔවුන්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න, ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
දිස්ත්‍රික්කයෙහි සියලු සංස්කෘතික මධ්‍යස්ථානවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී එම මධ්‍යස්ථානවල ස්ථාන භාර නිලධාරීන් සහ සහකාර ස්ථාන භාර නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය. එහිදී ස්ථාන භාර නිලධාරීවරුන්ට සහ සෙසු නිලධාරීන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම ගැටලු පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යතුමන් හැකි සෑම අයුරකින්ම විසඳුම් ලබාදීමට එකඟ විය. පුරාවිද්‍යා කාර්ය මණ්ඩලය හා සේවක මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත ඩී මැන්දිස්, කේ. එච්. එල්. කොඩි තුවක්කු, අධ්යක්ෂ (පාලන), ඊ. ඩී. පී. අල්විස් (ප්‍රධාන ගණකාධිකාරී), අරුණ බණ්ඩාර, සහකාර අධ්යක්ෂ (සැලසුම්), විරාජ් බාලසූරිය, ප්‍රාදේශීය සහකාර අධ්යක්ෂ (කෑගල්ල), ඒ. ජී. ටී. සංජීවනී (කලාප නිලධාරී) පුරාවිද්‍යා යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට සහභාගි විය. බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට අදාළ ක්ෂේත්රවල විෂය පථයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු මහත්ම මහත්මීන් සහභාගි විය.
මෙම සැසිවාර අවසාන වීමෙන් පසුව කෑගල්ල, මොරොන්තොට ග්‍රාමයේ පදිංචි දැනට ඔත්පලව සිටින වයස අවුරුදු 95ක් පමණ වන ලංකාවේ සුප්‍රසිද්ධ උඩරට නැටුම් ශිල්පියකු වන සෙල්ල ගුරුන්නාන්සේගේ සුව දුක් බැලීමටද අමාත්‍යතුමන් අමතක නොකළේය. එමෙන්ම මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ සංචාරය සියලු ක්ෂේත්රවල රාජකාරීවල යෙදෙන සියලු නිලධාරීන්ගේම ප්‍රශ්න, ගැටලු විවෘතව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මාට සියලූම නිලධාරීන්ගේ ප්‍රශංසාව හිමි වූවා පමණක් නොව කෑගල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂී අවස්ථාවක් විය.



























