ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාර නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙමින් ගුණාත්මක නිෂ්පාදනයන් සිදු කිරිමට අවශ්‍ය පරිසරය ගොඩ නංවමින් අදාල නිෂ්පාදන සඳහා වෙළඳ පොළක් ලබා දීම හා එමඟින් ව්‍යවසායකයින්ගේ එදිනෙදා ජිවිතය ගොඩ නඟමින් සාර්ථක ව්‍යවසායකයින් පිරිසක් බිහිවන තෙක් අවශ්‍ය අත්වැල සැපයීම අරමුණ කරගනිමින් විදාතා නිලධාරින් GMP පරීක්ෂකවරුන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් අද ( 02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
තාක්ෂණ අමාත්‍යංශයේ මෙහෙයවිමෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සම්පත් දායකත්වය ඇතිව පැවති පුහුණුවේ දි යහපත් නිෂ්පාදන පිලිවෙත් භාවිත සංග්‍රහය, විගණන නිර්නායක, විගණන වර්ග, විගණක කාර්යභාරය,විගණන පැවැත්විම, අනුකූල නොවීම් වාර්තා කිරිම, නිවැරදී කිරීමේ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳ දැනුවත් කෙරිණි. මෙම වැසටහන සඳහා සම්බන්ධ වුයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොලහම නියෝජනය වන පරිදි විදාතා නිලධාරීන්, විද්‍යා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ය.
දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට තාක්ෂණ රාජය අමාතය කනක හේරත්,අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ඒ.කේ.ආර් අලවත්ත, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එස්.ඕ නාරංගොඩ, නියෝජ්‍ය අධ්යක්ෂ කාංචනා ලොක්ගීගන යන මහත්ම මහත්මීන් ඇතුලු එම ආයතනයේ නිලධාරීන්, කර්මාන්ත අමාතංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.























