වෙසක් මාසය නිමිත්තෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක 'දොළොස්මහේ පහන' සංස්කෘතික වැඩසටහනට අදාළව බුළුරුප්ප ග්‍රාම නිලධාරී වසමේ කලායතන, ග්‍රාමීය සමාජ සහ සෞන්දර්ය ළමා සමාජ කේන්ද්‍ර කරගෙන 'ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර වෙසක් සැරසිලි හා ගොක්කොළ නිර්මාණ වැඩසටහන - 2024' අද දින (2024 05 10) තිබ්බටුමුණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.
මෙම සංස්කෘතික කටයුත්ත සඳහා සම්පත් දායකත්වය ආයුර්වේද වෛද්‍ය එම්. ආර්. සෙනරත් බණ්ඩාර මහතා ලබා දුන් අතර "අපි වෙසක් බලන්න යමු" යන තේමාව යටතේ අතීතයේ සිට පැවැති සුන්දර අත්දැකීම් සමුදායක් ළමුන් සමග බෙදා ගැනීමට මෙමගින් අවස්ථාව උදාවුණා. බුළුරුප්ප, තිබ්බටුමුණුව, පියරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහ සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී, පූජ්‍ය කඩවත සීලරතන හිමිපාණන් වහන්සේ විසින් මුලසුන ගෙන ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු මෙහි අරමුණ පැහැදිලි කරන ලද්දේ කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මියයි.
"චාමර" කලායතනයේ දරුදැරියන් ඉදිරිපත් කළ කෙටි නර්තනයෙන් පසු වෛද්යාචාර්ය එම්. ආර්. සෙනරත් බණ්ඩාර මහත්මා විසින් කෙටි දේශනයක් සිදු කරන ලදී. ඉන් අනතුරුවයි ගොක්කලා නිර්මාණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලේ දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරීන් සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී නයනා හේවාමාන්න, බුළුරුප්ප ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය සහ ප්‍රදේශයේ දරු දැරියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


























