බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන සංස්කෘතික මධ්‍යස්ථාන එම සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ ජීවත් වූ, ජීවත් වන විශිෂ්ට කලාකරුවකුගේ නමින් එම කලාකරුවාට උපහාර පිණිස නම් කරන ලෙස ගරු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ලබාදුන් උපදෙස් පරිදි එහි පළමු අදියර යටතේ දිවයිනේ පලමු සංස්කෘතික මධ්‍යස්ථානය කෑගල්ල ප්‍රදේශයේ මෙන්ම ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අනභිබවනීය සේවයක් ඉටු කළ 'ප්‍රවීණ රංගදර සුමින්ද සිරිසේන' මැතිතුමා නමින් නම් කිරීමේ උත්සවය පසුගියදා (11) ගරු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල සංස්කෘතික මද්‍යස්තානයේදී සිදුකෙරිණි.
සුමින්ද සිරිසේන මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ කලාකරුවෙක් වන අතර ඒ සඳහා රාජ්‍ය සම්මාන වලින් ද පිදුම් ලැබු රංගවේදියෙකි.
එම අවස්තාවට ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත සුමින්ද සිරිසේන මහතාගේ බිරිඳ ලීලා සිරිසේන මහත්මිය සහ පවුලේ ඥාතීන්,විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් බාලසූරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කේ.පී.එස්. නිශාන්ත, කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.එන්. කේ .ගුණරත්න, ස්ථානභාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී, එම්.ඒ හේමමාලා, ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන, ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර යන මහත්ම මහත්මින්,ප්‍රාදේශීය කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


































