මාවනැල්ල ,රඹුක්කන ,ගලිගමුව,කෑගල්ල අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වසම් ආශ්‍රිතව රාජකාරි කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරින් උදෙසා ධාරිතා සංවර්ධන වැඩසටහනක් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඒ යටතේ ආකල්ප සංවර්ධනය, ධනාන්තමක චින්තනය, ස්වීයත්ව සංකල්ප වර්ධනය, ගැටලු සහිත දරුවෙකු හඳුනා ගන්නා ආකාරය හා ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය, ළමා වියේ අවධානම් සාධක හා අවධානම් සහිත කාන්තාවන් සඳහා සර්‍කිය සවන් දීමේ කුසලතා සංවර්ධනය යන කරුණු පිලිබඳ දැනුවත් කරන ලදි.

දිස්ත්‍රික් පුහුණු ඒකකය සංවිධානය කළ මෙම දැනුවත් කිරිම සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී සේනානායක හා දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශන නිලධාරී රේණුකා ජයරත්න යන මහත්ම මහත්මින් විසිනි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්( පාලන) කේ.ජී.එස් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.