තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය හා එක්ව දිවයින පුරා පිහිටි ග්‍රාමීය ව්‍යවසායකයන් සවි බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක නව්‍යකරණ වැඩසටහනට අදාළව නිලධාරීන් දැනුවත් කිරීමක් හා GMP පරීක්ෂකවරුන් ලෙස විදාතා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රධානය කිරීමක් අද (20) පෙරවරුවේදී ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
තාක්ෂණ අමාත්‍යාංශය මගින් දිවයින පුරා සිටින ග්‍රාමීය ව්‍යවසායකයන් සවි බල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක අතර එහි නියමු ව්‍යාපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ.සමස්ත දිස්ත්‍රික්කය පුරාම මෙම වැඩසටහන ප්‍රචලිත කිරීම සඳහා ව්‍යවසායකයන් දිරිගැන්වීමට අදාළව සිටින සියලුම ආයතන නිලධාරීන් දැනුවත් කිරීමක් මෙම වැඩසටහනදී සිදුකෙරිණි.
ඒ අනුව ව්‍යවසායකයන් සඳහා පවතින ණය පහසුකම් , අන්තර්ජාලය හරහා වෙළඳ පහසුකම් ලබා ගැනීම සඳහා දැනුවත් කිරීම මෙන්ම Freelancing පිළිබඳව හඳුන්වාදීම, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නව ව්‍යවසාය සමිති පිහිටුවීම සම්බන්ධව මෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ තාක්ෂණික උපදේශනය හා දැනුවත් කිරීම මෙහිදී ඒ ඒ ආයතන මගින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, තාක්ෂණ අමාත්‍යාංශය අතිරේක ලේකම් ඒ .කේ.ආර් අලවත්ත, ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධික පී සේනාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන්ති නාරංගොඩ, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කමල් මීදෙණිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරු ආචාර්ය නිලන්ති ප්‍රනාන්දු, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහකාර අධ්‍යක්ෂ නලින් චින්තක, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිලධාරින් බුලත්කොහුපිටිය සහ අරනායක ප්‍රාදේශීය ලේකම්වරුන්, බැංකු නිලධාරීන් ව්‍යවසායකත්වයට අදාල ඒ ඒ ආයතන හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























