ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 48 වන ජාතික ක්‍රීඩා උළෙල -2024 සමගාමීව පැවැත්වූ අන්තර් පළාත් මල්ලව පොර (කාන්තා/පිරිම්) තරගාවලිය ජූනි 01 සහ 02 කෑගල්ල ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විණි.
කාන්තා බරපන්ති දහයක් හා පිරිමි බර පන්ති දහයක් යටතේ පැවති මෙම තරගාවලිය සඳහා පළාත් නමයම නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩකාවන් තුන්සිය පනහකට වඩා වැඩි පිරිසක් තරග ඉසව් සඳහා මෙවර ඉදිරිපත් විය.
ඒ අනුව මෙම වසරේ අන්තර් පළාත් මල්ලව පොර (කාන්තා/ පිරිමි) තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ නැගෙනහිර පළාත නියෝජනය කළ එම් .ප්‍රවීන් ය. දක්ෂතම ක්‍රීඩකාව බස්නාහිර පළාතේ නිලුක්ෂි නදීෂා පෙරේරා ක්‍රීඩිකාවයි.
මෙවර සමස්ත පදක්කම් සටහනෙහි වැඩිම පදක්කම් හිමිකරගත් පළාත ලෙස රන් පදක්කම් 12ක් ,රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලබා ගනිමින් බස්නාහිර පළාත තේරී පත්වූ අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් වයඹ හා මධ්‍යම පළාත් හිමි කරගත්තේය.
තරග ඉසව් සඳහා ඉදිරිපත් වූ තරගකරුවන් අතරින් ප්‍රථම ,දෙවන ,තෙවන සහ සිව්වන ස්ථාන හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් ,සහතික සහ මූල්‍යමය ත්‍යාග ලබාදීමට කටයුතු කෙරිණි.
මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය සබරගමු පළාතට හිමිවූ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළගේ පූර්ණ සහයෝගය සහිතව අන්තර් පළාත් මල්ලවපොර (කාන්තා/ පිරිමි) තරගාවලිය සම්බන්ධීකරණය කරන ලද්දේ කෑගල්ලේ දිස්ත්‍රික් ක්‍රීඩා අංශයේ ව්‍යාපෘති නිලධාරී ඩබ්ලිව් .එම්.ඒ විජේසිංහ මහතා ඇතුළු එම අංශය විසිනි.
මෙම අවස්ථාවන් සඳහා වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, තාක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන අමාත්‍යවරුන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්.නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ, ලේකම් ලුතිනන් කමාන්ඩර් ධනංජය රණසිංහ යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිලධාරීන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




































