සින්නක්කර ඔප්පු ලක්ෂ 20 ප්‍රධානය කිරීමේ උරුමය දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔප්පුලාභීන් 350 කට ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහන 2023 06 04 දින රුවන්වැල්ල වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහත පිළිගැනීම සහ සභාව ඇමතීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කෙරුණා. දේශපාලන ඒකාධිකාරිය නියෝජනය කරමින් ඔප්පුලාභීන් දැනුවත් කළ අතර ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් රැස්ව සිටි සභාව අමතන ලදී.
ඔප්පු ප්‍රධානයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් සහල් බෙදා දීමද මෙහිදී සිදු කරන ලදී. එය නිල වශයෙන් සංකේතවත් කරමින් ජනාධිපතිතුමන් විසින් අඩු ආදායම් පවුල් 800 සඳහා සහල් බෙදාදීමද සිදුකරන ලදී.
දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් සබරගමුව පළාත ආණ්ඩුකාරවර නවීන් දිසානායක, රාජ්‍ය වැවිලි ව්‍යවසායේ ප්‍රතිසංස්කරණ අමාත්‍යය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්මාවරුන් මෙහිදී පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරන ලදී.
මෙම අවස්ථාවට කෑගල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් K. G. S. නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත,ප්‍රාදේශීය ලේකම්වරුන් ,ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශය සහ රුවන්වැල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු මේ සඳහා විශාල සහයෝගයක් දක්වන ලදී.



























