සබරගමු පළාත් ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ 48 වන ජාතික ක්රීඩා උළෙල සඳහා ඉදිරිපත් කරන සබරගමු පළාතේ ක්රීඩකයන්ගේ පළාත් තරඟය ඊයේ (05) කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
කෑගල්ල හා රත්නපුර දිස්ත්රික්කයන්හි තරඟකරුවන් බර පන්ති 09ක් යටතේ එහිදි තරඟ වැදුනු අතර ජයග්රහණය කරන ජයග්රාහකයින් එළඹෙන 48 වන ජාතික ක්රීඩා උළෙල සඳහා තරඟ වැදීමට සුදුසුකම් ලබයි.
සමාරම්භක අවස්ථාවට දිස්ත්රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, සබරගමු පළාත් ක්රීඩා අධ්යක්ෂ චතුරංගිකා පේමරත්න යන මහත්ම මහත්මීන් , තරඟකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.






















