ග්‍රාම නිලධාරීන් 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ ලිඛිත තරග විභාගය හා සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත බඳවා ගනු ලැබූ නවක නිලධාරීන්ට බඳවා ගැනීමේ පටිපාටිය අනුව ත්‍රෛයිමාසික පුහුණු වැඩසටහනක් අද දින (10) දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ආරම්භ කෙරිණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළව ග්‍රාම නිලධාරීන් 75 දෙනෙකු මෙම පුහුණු සැසිය සඳහා යොදවා ගෙන ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් මෙම පුහුණුව පැවැත්වීමට නියමිතය.
ග්‍රාම නිලධාරී තනතුරට පැවරෙන රාජකාරී හා වගකීම් පිළිබඳ ඒ ඒ ආයතන වලට ගොස් අදාළ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ ග්‍රාම නිලධාරීන්ට අවබෝධයක් ලබා ගැනීමට හැකිවන අයුරින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ .ජී .එස්. නිශාන්ත මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,සම්පත් දායකත්වය ලබා දුන් වරකාපොල පරිපාලන ග්‍රාම නිලධාරී ඒ. එල්.සි.ජේ.ලියනගේ මහතාඇතුළු නවක ග්‍රාම නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
























