ආබාධ සහිත වූවන්ගේ ජීවන තත්ත්වය උසස් කරදීම වෙනුවෙන් ක්‍රියාත්මක විවිධ වැඩසටහන් සම්බන්ධව ප්‍රගතිය විමසා බැලෙන සමාජ සේවා නිලධාරී ප්‍රගති සමාලෝචනය හා ස්වශක්ති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අද (12) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.
ඒ අනුව දිස්ත්‍රික් බලමණ්ඩල හමුව පසුගිය වාරයේ වාර්තාව හා අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් ඇරඹිණි. අනතුරුව ස්ව ශක්ති අරමුදලේ වර්තමාන තත්ත්වය හා නිවාස ඉදිකළ ආබාධ සහිත වූවන්ගේ වන්දනා චාරිකාව පිළිබඳව කරුණු සාකච්ඡාව කෙරිණි.
රැකියා ගත කිරීම් අතින් කෑගල්ල දිස්ත්‍රික්කය සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ඉදිරියෙන් පසුවන අතර ආබාධ සහිත පුද්ගලයන් ජූලි මස 11 වන දින පැවැත්වෙන රැකියා ගත කරන වැඩසටහන සඳහා යොමු කිරීම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. මේ දිනවල සිදුවන පුනරුත්ථාපන සැලැස්මට තොරතුරු ඇතුළත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කළ අතර ජුනි මස තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින ආබාධ සහිත වූවන්ගේ දත්ත හා තොරතුරු ලබාදීම අවසන් කරන ලෙසත් සමස්ත දිස්ත්‍රික්කයේම ආබාධ සහිත වූවන් 7344ක් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
2024 වසර තුළදී සිදු වූ ගංවතුර හා නායාම්වලදී දැනට ආබාධ සහිත වූවන්ට සිදුවූ හානි හා ආපදාවලින් ආබාධයන්ට ලක් වූ අය පිළිබඳව තොරතුරු ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. කලා කුසලතා ඇති ආබාධ සහිත වූවන් අතරින් වාද්‍ය භාණ්ඩ වාදනය කළ හැකි අයවලුන් හඳුනා ගනිමින් දිස්ත්‍රික් සංචිතයක් ඇති කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ විය.
මීට අමතරව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා සිදුවන වැඩසටහන්, ස්වාභිමානී වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය, ආබාධ සහිත දරුවන් සඳහා කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන අටක් මෙම වසරේදී ඉදිකිරීමට අපේක්ෂිත අතර එහි ප්‍රගතිය පිළිබඳව විමසා බැලිණි. එමෙන්ම ආබාධ සහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම, ජීවන ආධාර ලබාදීම, සිහින ශ්‍රී ලංකා, වකුගඩු රෝගියා ආධාර ලබාදීම ඇතුළු ක්‍රියාත්මක විවිධ වැඩසටහන්හි වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු සමාජ සේවා අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට පළාත් ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී ඉන්දු මාලා අබේසිරිවර්ධන, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























