සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කරන 'දොළොස් මහේ පහන ' වැඩසටහන් මාලාවට සමඟාමීව පවත්වන "කෙතයි බතයි - අපේකමයි" දේශීය ආහාර වැඩසටහන සහ දේශීය ආහාර ප්‍රදර්ශනයක් අද පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දේශිය ආහාරවල වැදගත්කම හා නිරෝගී දිවි පැවැත්මක වටිනාකම පිළිබඳ මෙහිදි විද්වත් දේශනය සඳහා සම්පත් දායකත්වය කෑගල්ල ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි එස්මි ජයසිංහ, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ගරු ලේකම් , ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යෙව්දී සුනිල් ගම්ලත්, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ගරු භාණ්ඩාගාරික , දේශීය වෛද්‍ය එම්.ආර් සෙනරත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ලබා දී තිබුණි.

දැනට භාවිතයෙන් ගිලිහී යන දේශීය ආහාර වර්ග ඇතුලත් ආහාර ප්‍රදර්ශනයක් ද අද දින සංවිධානය කර තිබුණු අතර මෙම වැඩසටහන රසවත් කිරිම සඳහා නාට්‍ය අංගයක් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ගරු උප ලේකම් ප්‍රවිණ නාට්‍යවේදී හේමචන්ද්‍ර පියදාස සහ නාට්‍යශිල්පී සුනීතා පතිරාජ යන ශිල්පීන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන ලදී.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු එම අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, කාර්යාලීය නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.